Chinese, Culture

චීන අලුත් අවුරුද්ද

Less than a minute to read
Chinese New Year

චීන අලුත් අවුරුද්ද, වසන්ත උත්සවය හෝ චන්ද්‍ර අලුත් අවුරුද්ද ලෙසද හැඳින්වේ, එය දින 7 ක දිගු නිවාඩුවක් සහිත චීනයේ විශාලතම උත්සවය වේ. මෙය වඩාත් වර්ණවත්ම වාර්ෂික උත්සවය ලෙස, සාම්ප්‍රදායික චීන අලුත් අවුරුද්ද හැදින්විය හැකිය.

මෙම කාල පරිච්ඡේදය තුළ චීන ජාතිකයින් රතු පහන් කූඩු දැල්වීම, ගිනිකෙළි සංදර්ශන පැවැත්වීම, දැවැන්ත භෝජන සංග්‍රහ සහ පෙළපාලි පැවැත්වීම ආදිය සිදුකරනු ලබයි.

බටහිර රටවල නත්තල, ශ්‍රී ලංකාවාසී අපගේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මෙන්, චීන අලුත් අවුරුද්ද යනු පවුලේ අය සමඟ නිවසේ සිට කතාබස් කරමින්, මත්පැන් පානය කරමින්, ආහාර පිසීම සහ එක්ව රසබර ආහාර වේලක් භුක්ති විඳීමට කාලයකි.

එය වසන්ත උත්සවය ලෙස හඳුන්වන්නේ ඇයි?

චීන අලුත් අවුරුදු උත්සව දිනය ජනවාරි හා පෙබරවාරි අතර කාලයේ පැවැත්වෙන අතර, චීනයට සුර්‍යයා හොදින් පායන කාලය ආරම්භයත් සමග ‘වසන්ත කාලය’ ආරම්භ වන අතර, එබැවින් එය ‘වසන්ත උත්සවය’ ලෙසද හැඳින්වේ.

චීන ජාතිකයන් උත්සවය සමරන්නේ කෙසේද?

චන්ද්‍ර අලුත් අවුරුද්ද ළඟා වෙමින් තිබෙනවිට සියලුම වීදි සහ මංතීරු විචිත්‍රවත් රතු පහන් සහ වර්ණවත් විදුලි පහන් වලින් සරසනු ලබයි. චීන ජාතිකයින් මෙම උත්සවය ඇතුළු ඔවුන්ගේ සියලුම උත්සව සදහා රතු වර්ණය මුලික කරගැනීමට ප්‍රධානම හේතුවක් වන්නේ ඔවුන් රතු වර්ණය ඔවුන්ගේ වාසනාවේ වර්ණය ලෙස සලකන නිසාවෙනි.

චීන අලුත් අවුරුද්ද උදාවට පෙර සහ අලුත් අවුරුදු උදාවෙන් පසු චීන ජාතිකයින් සිදුකරනු ලබන ක්‍රියාවන් වන්නේ,

  • අලුත් අවුරුද්ද උදාවීමට සති 02කට පමණ පෙර නිවස පිරිසිදු කිරීම සහ අලංකාර කිරීම.
  • අලුත් අවුරුදු උදාවත් සමග පවුලේ සාමාජිකයන් සමග එක්ව “පවුලේ නැවත එක්වීමේ රාත්‍රී ආහාරය (Family Reunion Dinner)” ගනු ලබයි.
  • රතු ලියුම් කවරවල බහා මුදල් තිලිණ ලබාදීම.
  • WeChat හරහා සුබ පැතුම් සහ රතු ලියුම් කවර මුදල් තිලිණ යැවීම.
  • CCTV නම් රූපවාහිනී නාලිකාව ඔස්සේ අලුත් අවුරුදු උත්සවය නැරඹීම.
  • 0:00 ට රතිඤ්ඤා පත්තු කිරීම.
  • ඥාතීන් බැලීම.
  • ජන සංදර්ශන, පොළ ආදීය පැවැත්වීම.

අලුත් අවුරුදු උත්සව සමයේ ආහාරයට ගන්නේ මොනවාද?

චීනයේ පැරණි කියමනකින් පවසන්නේ ‘මිනිසුන්ට පළමුව වැදගත් දෙය ආහාර’ වන බවයි. මෙයින් පෙනීයන්නේ චීන ජාතිකයන්ගේ ආහාරවලට ඇති ඇල්මයි. ඉවුම් පිහුම් ගැන එතරම් උනන්දුවෙන් හා අවධානයෙන් සිටින චීන ජාතිකයන් වැනි වෙනත් ජාතීන් නොසිටින තරම්ය. පෙනුම, සුවඳ සහ රසය යන මූලික අවශ්‍යතා හැරුණු විට, ඔවුන් සුබ අරුත් සහිත උත්සව සදහා ආහාර පිළියෙල කොට වාසනාව ගෙන ඒමට අවධාරනය කරති.

චීන පවුලක අලුත් අවුරුදු මේසයේ ප්‍රධාන ආහාර වර්ගයන් වන්නේ ඩම්ප්ලිං, මාළු, Glutinous Rice Balls සහ Spring Rolls යනාදී ආහාරයන්ය.

චීන භාෂාවෙන් සුබ නව වසරක් කියන්නේ කෙසේද?

  • 新年好 – Xīn nián hǎo – Happy New Year
  • 过年好 – Guò nián hǎo – Happy New Year
  • 新年快乐 – Xīn nián kuài lè – Happy New Year

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts

error: