Chinese

How to say thank you in Chinese

Less than a minute to read
How to say thank you in Chinese

සංස්කෘතියට අනුව ආචාරශීලීත්වය රටකින් රටකට වෙනස් විය හැක. එයට භාෂාව විශේෂයෙන් බලපෑ හැකි වුවත් අර්ථ නිරූපණය වීමේදී එහි උච්චාරණය තුළින් සහ භාවිතය සමඟ මුහුණේ ඉරියව් තුළිනුත් අර්ථ නිරූපණය ලබා ගැනීමේ හැකියාව ඇත.

විශේෂයෙන්ම චීන භාෂාවෙන් ස්තුති යන්න හෘදයංගම අයුරින් පැවසීම සඳහා ඔවුන් භාවිතා කරනුයේ 谢谢 (xiè xie). මෙහි (Xie) සඳහා දෙවතාවක් උච්චාරණය වුවත් එම උච්චාරණය එකිනෙක පද අතර සියුම් උච්චාරණයේ වෙනසක් ඇත.

පළමු උච්චාරණය තුළින් ඉතා ගැඹුරින් හඬ අවසාන වන අතර xiè. චීන භාෂාවේ (4th tone) හතරවන හඬින් අවසන් වේ. මදක් ගැඹුරින් අවසන් වුවත් දෙවන අවස්ථාවේදී (xie) යන්න ඉතා සරල සහ සැහැල්ලුවෙන් අවසන් කරයි.

ආචාරශීලීත්වය අගයන චීන ජාතිකයින් ඔවුන් කුඩා උපකාරයක් සිදුකළද නොවරදවාම (xiè xie _Thank you) යනුවෙන් ස්තුතිය ප්‍රකාශ කරයි.

එය ආචාරශීලී කිරීම සඳහා ප්‍රකාශ කරන ක්‍රම කිහිපයකි,

01. 谢谢你 (Xiè xie nǐ)

ඔබට ස්තුතියි.! මේ ආචාරශීලී විධිමත් ක්‍රමයයි. එය ඔබ හඳුනන ඕනෑම කෙනෙකුට පැවසිය හැකියි.

02. 谢谢您 (Xiè xie nín)

ඔබතුමාට ස්තූතියි! මේය ආචාරශීලී මෙන්ම ගෞරවාන්විත සහ විධිමත් ලෙස චීන භාෂාව හැසිරවීමේදී ඔබට භාවිතා කළ හැකිය.

සටහන – Radhika Ariyapperuma


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts

error: