Apps, Chinese

Pleco Best Chinese Dictionary

Less than a minute to read
Pleco Chinese Dictionary

ශබ්ද කෝෂ යෙදුම් (Dictionary apps) බොහෝ විට මැන්ඩරින් චීන භාෂාව (Mandarin Chinese) ඉගෙනගන්නා පුද්ගලයින් සඳහා වඩාත් ප්‍රයෝජනවත් හා නිතර භාවිතා වන යෙදුම් වලින් එකක් වනු ඇත. මෙම කාර්යය සඳහා බොහෝ විට නිර්දේශිත සහ වඩාත් පහසුම යෙදුම ප්ලෙකෝ (Pleco) විය හැකිය.

මන්දයත් ඔබ කොතැනක සිටියත් චීන වචනයක් හෝ අක්ෂරයක් ඉක්මනින් සොයා බැලීමට එය ඔබට ඉඩ සලසයි.

මෙම යෙදුමෙහි ඇති මුලික ලක්ෂණ:

  • චීන අත් අකුරු හඳුනාගැනීම: ඔබ නොදන්නා අක්ෂර සෙවීමේදී පින්යින් (pin yin) ටයිප් කිරීම වෙනුවට ලිවීමට ඇති විකල්පය ඉතා ප්‍රයෝජනවත් වේ.
  • OCR: ඔබගේ උපාංගයේ කැමරාව භාවිතයෙන් නොදන්නා චීන වචන ‘සජීවීව’ බැලීමට හෝ නිශ්චල රූපයක ආකාරයෙන් බැලීමට එය ඔබට ඉඩ දෙයි.
  • Stroke Order Guides: චීන අක්ෂර නිසි පිළිවෙලට ලියන්නේ කෙසේදැයි සොයා ගැනීමට ඔබට උදව් කිරීම.
  • ෆ්ලෑෂ් කාඩ් පද්ධතිය (Flashcard system): අතිශය බලවත් / අභිරුචිකරණය කළ හැකි පද්ධතියක් (customizable system) වන අතර, ශබ්ද කෝෂ ඇතුළත් කිරීම් වලින් නව ෆ්ලෑෂ් කාඩ්පත් එක් කිරීම හෝ පෙර සැකසූ වචන මාලා ලැයිස්තු Import කිරීම අතිශයින්ම පහසු කරයි.
  • ශ්‍රව්‍ය උච්චාරණය: චීන ශබ්ද කෝෂයේ ඇති වචන පිරිමි, ගැහැණු ස්වදේශීය-කථික ශ්‍රව්‍ය උපකරණ භාවිතයෙන් ක්ෂණිකව ඇසීමට ඇති හැකියාව. මෙහි වචන 34,000 කට වඩා වැඩි ගණනක පටිගත කිරීම් අඩංගු වී තිබේ.

තව බොහෝ පහසුකම් මෙම ශබ්ද කෝෂ යෙදුමෙහි අන්තර්ගත වන අතර මෙහි ඇති භාවිතයේ පහසුව නිසාම චීන භාෂාව ඉගෙනගන්නන් අතර මෙම ප්ලෙකෝ (Pleco) යෙදුම වඩාත් ජනප්‍රිය වීම නොරහසකි..


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts

error: