Culture

Use of Bamboo & Chopsticks

Less than a minute to read
Use of Bamboo

චොප්ස්ටික් යනු චීන ජාතිකයින් ආහාර අනුභව කිරීම සදහා යොදාගන්නා මෙවලමකි. ලාංකීය ජනතාව අතරින් බොහෝ දෙනා ආහාර අනුභවය සදහා යොදාගන්නේ තම ස්වකීය දෑතය නමුත් යුරෝපීයන් ආහාර අනුභවය සදහා යොදාගන්නේ හැදී සහ ගෑරුප්පුය. කොරියානු ජාතිකයින් බොහෝ දෙනා වර්තමානයේ භාවිතා කරන්නේ සුදු යකඩින් සාදාගත් චොප්ස්ටික්ය.

කෙසෙවුවද චීන ජාතිකයින් අතීතයේ සිට අද දක්වා දෛනික ජීවිතයේ පරිහරණය කරන බොහෝ දෑ නිෂ්පාදනය කර ඇත්තේ උණබට පතුරු වලිනි. ඒ අතර කුඩ, කූඩ, බේසම්, කොප්ප, මේස ඇතිරිලි, පැදුරු, තිර රෙදි, සංගීත භාණ්ඩ, පින්සල්, පෑන්, පැන්සල්, කඩදාසි, චොප්ස්ටික් ආදි දෛනික ජීවිතයේ පරිහරණය කරන භාණ්ඩ සේම මිනිසුන්ගේ ප්‍රයෝජනය සදහා අවශ්‍ය බොහෝමයක් දෑ මෙම බට ගස උපයෝගී කරගෙන නිෂ්පාදනය කරයි.

අඩු කාලයක් තුලදී ඉතා ඉක්මණින් බට ගස වර්ධනය වන නිසා ඉතා ඉක්මණින් භාණ්ඩ නිෂ්පාදනය සදහා යොදාගත හැකිය.

චීන ජාතිකයින් බොහෝ දෙනෙක් උණබට වලින් සදාගත් චොප්ස්ටික් භාවිතා කරන්නේ ඇයි?

චොප්ස්ටික් බට ගසෙන් නිෂ්පාදනය කිරීමට ප්‍රධාන හේතුව වන්නේ ඉතා ඉහල උෂ්ණත්වයක් යටතේ ආහාර පිසීමෙදී චොප්ස්ටික් භාවිතා කරමින් ආහාර මිශ්‍රකරනවිට අතට උෂ්ණත්වයක් (රස්නයක්) නොදැනේ. ආහාර අනුභව කරන විට ද චොප්ස්ටික් වලට උෂ්ණත්වයක් නොදැනේ. මේ නිසාවෙන් අදටත් බොහෝ චීන ජාතිකයින් ආහාර පිසීමෙදී සහ අනුභව කිරීමෙදී බට පතුරු වලින් සදාගන්නා චොප්ස්ටික් භාවිතා කරයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts

error: