Culture

What is Star anise? What are their benefits?

Less than a minute to read
Star anise

Star anise යනු නිරිතදිග චීනයට ආවේණික සදාහරිත පඳුරු වර්ගයක් වන ඉලිසියම් වර්ම් (Illicium verum) ශාකයේ පලතුරුවලින් ලබාගත් බීජ ය. තාරකාවක හැඩයෙන් යුත් Star anise පොඩුවේ සාමාන්‍යයෙන් පියලි අටක් ඇත, සෑම එකකම තනි කව්පි ප්‍රමාණයේ බීජයක් අඩංගු වේ. බීජ සහ කරල් දෙකම පිසීමේදී භාවිතා කරන අතර මිහිරි, ප්‍රබල අසමෝදගම් රසය අඩංගු වේ.

ස්ටාර් ඇනිස් (Star anise) යනු කුමක්ද?

Star anise එහි ඇති සුවිශේෂී රසය නිසා සූපශාස්ත්‍ර යෙදීම්වල දී භාවිතා කරන අතර එහි ඇති ඖෂධීය වටිනාකම නිසා ඖෂධ නිෂ්පාදනය සඳහා ද යොදා ගනී. එය චීනයේ, ඉන්දියාවේ සහ ජපානයේ වගා කරන අතර සමහර අවස්ථා වලදී Chinese Star anise ලෙස හැඳින්වේ. Star anise යනු චීන ආහාර පිසීමේදී යොදාගන්නා කුළුබඩුවකි. එය චීන පහේ කුළුබඩු කුඩු වල ප්‍රධාන රසයන්ගෙන් එකක් වන අතර තේ සහ තාරා සහ අනෙකුත් මස් සෑදීමට දී කුළුබඩුවක් ලෙස යොදා ගනී. වියට්නාම සුප් සැදීමෙදී Star anise යනු සුප් එකේ නැතුවම බැරි කොටසකි.

Star anise ඵලය එය ඉදීමට පෙර තෝරාගෙන එය තද දුඹුරු හෝ මලකඩ වර්ණයක් බවට පත්වනතුරු අව්වේ වියළාගනී.

Star anise වල සෞඛ්‍ය ප්‍රතිලාභ

චීන වෛද්‍ය විද්‍යාව සියවස් ගණනාවක් තිස්සේ Star anise භාවිතා කර ඇති අතර බටහිර වෛද්‍ය විද්‍යාව මෑතකදී මෙම කුළුබඩු වල ඖෂධීය හා ප්‍රති-ක්ෂුද්‍ර ජීවී ගුණාංග හඳුනා ගැනීමට පටන් ගෙන තිබේ. Star anise වල ෂිකිමික් අම්ලය (Shikimic acid) අඩංගු වන අතර එය ඉන්ෆ්ලුවෙන්සා රෝගය සඳහා ප්‍රතිකාරයක් වන ටැමිෆ්ලූ (Tamiflu) හි දක්නට ලැබේ. මේ අනුව කැස්ස සහ උණ වැනි රෝග ලක්ෂණ සඳහා ප්‍රතිකාරයක් ලෙසද මෙම කුළුබඩුව භාවිතා කර ඇත.

Star anise, ප්‍රතිඔක්සිකාරක සහ විටමින් A සහ C වලින් පොහොසත් වන අතර එය දියවැඩියාවට සහ වයසට යාමේ මුල් සලකුණු වලට එරෙහිව උපකාරී වේ. මීට අමතරව එය ආහාර ජීර්ණය පහසු කිරීම, ඉදිමීම, වාතය අඩු කිරීම, අජීර්ණය සහ මලබද්ධය ආදි බොහෝ දේ සදහා උපකාරි වේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts

error: