Culture

Why are Chinese so accustomed to drinking hot water?

Less than a minute to read
Why are Chinese so accustomed to drinking hot water

චීන මිනිසුන් බොහෝ දෙනෙකුගේ අතේ පොඩි උණු වතුර බෝතලයක් (保温杯子 – Bǎo wēn bēi zi) තිබෙනවා ඔබ දැක ඇත. එසේම විවිධ තේ වර්ග පානය කිරීමටද ඔවුන් පුරුදුවී තිබේ. වර්තමානය වන විට බොහෝ දෙනෙක් කෝපි පානය කිරීමටද රුචිකත්වයක් දක්වයි. කෙසේ නමුත් උණු වතුර පානය සදහා වයස් භේදයකින් තෝරව සියලු දෙනාම රුචිකත්වයක් දක්වයි. 

උණු වතුර පානය පිළිබදව චීනයේ ඇත්තේ වසර 3000කට එහා ගිය ඉතිහාසයකි. සාම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාවේද (中药 – Zhōng yào) සදහන් වන්නේ උණු වතුර දෛනිකව පානය කිරීම සෞඛ්‍යයට හිතකර සේම ඇතැම් ලෙඩ රෝග නැති කිරීමටද මෙය ඉවහල් වන බවයි. එහෙත් අතීතයේ ආර්ථික වත්කමක් නොමැති පිරිස් ඇල් වතුර රත් කරගැනීමට සහ උණු වතුර තබා ගැනීමට ප්‍රමාණවත් භාජන නිවසේ නොතිබුණු හෙයින් ඇල් වතුර පානයට පුරුදුවී සිටියේය.

1916 ජපානය සහ යුරෝපීය රටවල් කිහිපයක් චීනයේ නගර කිහිපයක් ආක්‍රමණය කිරීමත් සමග ඔවුන් විසින් විද්‍යානුකූලව වතුර උණු කරගැනීමට අවශ්‍ය භාණ්ඩ සුළු වශයෙන් නිෂ්පාදනය කිරීමට යොමුවිය. 

1949න් පසු චීනයේ පාචනය, කෝලරාව ආදි ලෙඩ රෝග ව්‍යාප්ත වීමත් සමග එයට පිළියම් ලෙස උණු වතුර පානය කිරීම ඉතා යෝග්‍යය බව චීන ජාතික වෛද්‍යවරුන්ගේ පර්යේෂණ වලින් හෙලිවීය. ඒ අනුව පාසල් සහ ආයතනවල උණු වතුර පානය කිරීමේ වැදගත්කම පිළිබදව දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කොට වතුර උණු කරගැනීමට අවශ්‍ය භාජන එම ස්ථානවල තැබීය. 

එසේම චීනයේ බොහෝ නගරවල එම භාජන නිෂ්පාදනය කිරීමට කර්මාන්තශාලා ආරම්භ කළේය. ඒ අනුව 1960 – 70 දශකවල විවාහ උත්සවයකදී තෑගි වශයෙන් උණු වතුර බෝතලයක් තෑගි කිරීමට බොහෝදෙනා පුරුදුවී සිටියේය. 

1990 දශකය වනවිට තනි පුද්ගලයෙක් තමාගේ පරිහරණය සදහා කුඩා උණු වතුර බෝතලයක් ලග තබාගැනීමට පුරුදුවිය. අදවනවිටත් බොහෝ චීන ජාතිකයින් වයස් භේදයකින් තෝරව තම භාවිතය සදහා මෙම උණු වතුර බෝතලය ලගතබාගනියි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Related Posts

error: